පියා සහ පුතා අතර බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයි
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී ඊයේ (24) උදෑසන මෙම ඝාතනය සිදුකර තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 64ක් වූ අතිරහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, මරණකරුගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට…
කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් මිලියන 25ක පමණ වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අදාළ සැකකරු බැංකොක් සිට කටුනායක බලා පැමිණ තිබේ. ඔහු ගුවන්තොටුපොළ හරිත මාර්ගය හරහා පිටවීමට තැත්කිරීමේදී ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලදාරීන්ට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලක් තුල…
සියලුම මත්පැන්හල් මේ දිනවලදී වසා තැබිය යුතුයි – සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රටටම නිවේදනයක්
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වන ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය 2026. 05. 30 සහ 31 දෙදින පැවැත්වීමට රජය තීරණය කර ඇති බැවින් එම දින දෙක තුළ සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් දන්වා ඇත. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 2026. 03. 30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය සැමරීමේ…
හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි
මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අ.ඩො. මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීම වැනි ක්‍රියා, වැළැක්වීමට තාක්ෂණික ක්‍රමවේද පවතින බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පවසයි. ඉහත සිද්ධියට භාවිතා කර ඇත්තේ වර්තමානයේ පවතින ‘BEC’ නම් සයිබර් පහරදීමේ ක්‍රමවේදය බවත් හෙතෙම පැවසීය. මෙම සයිබර් පහරදීමේ ක්‍රමවේදයට බොහෝ පෞද්ගලික අංශයේ ආයතන මුහුණ දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය….
මැරෙන්න ගිය එකා බිමට වැටී ගහන්න එපා යැයි මරලතෝනි දීලා
කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අඩි 20 ක් පමණ උසැති මාර්ග සංඥා කුළුණ මත නැඟ පැයකට අධික කාලයක කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා ගෙලට දමා ගත් තොණ්ඩුව කැඩි ජම්පින් මෙට්ටය මතට වැටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔට ප්‍රදේශයේ පදිංචි බව කියන වයස අවුරුදු 35 ක පමණ පුද්ගලයෙකි. සැකකාර…
අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට
කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර අන්තරාදායක අයුරින් රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු උත්සවයේ පාපැදි තරඟයක් ඉදිරියෙන් ගමන් කර ඇති මෙම කාර් රථය තරඟය නැරඹීම සඳහා මාර්ගය දෙපස රැස්ව සිටි මහජනතාවට හා ඔවුන්ගේ දේපළවලට හානි සිදුවිය හැකි පරිදි අන්තරාදායක අයුරින් ධාවනය වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට…
ඉන්දියාව අතහැර ලංකාවට ආවේ ඇයි? දුශේනි මියුරංගි මෙරට වාසනාවන්තම නිළිය වූ රහස මෙන්න
ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු නොවන මොහොතක, නොසිතූ ලෙස වෙනස්වීම් සිදු කරන දිගු චාරිකාවක්. රංගන ශිල්පිනී දුශේනි මියුරංගිගේ කතාවත් එවැනිම සුන්දර හැරවුමක උදාහරණයක්. අද ඇය මෙරට ප්‍රේක්ෂකයන්ගේ අසීමිත ආදරය දිනාගත් ජනප්‍රිය නිළියක් ලෙස දිදුලන්නේ, බොහෝ අභියෝග මැදින් පැමිණි ගමනක ප්‍රතිඵලයක් ලෙසයි. සාර්ථකත්වය පිටුපස සැඟවෙන්නේ කඳුළු, කැපකිරීම් සහ නොනවතින උත්සාහයයි. දුශේනි ද රංගන ක්ෂේත්‍රයට පිවිසෙන සමයේ සෞඛ්‍ය…
සාගරිකා පිට ගියේ සිල්පර හින්දද ?
සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් කොන්ක්‍රීට් සිල්පරවලට හානි සිදුව ඇති අතර සිල්පරවල ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදු වූයේ ද යන්න පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු සම්බන්ධව විශේෂ දැනුවත්…
භාණ්ඩාගාර කොල්ලය අපි නොකිය හිටියෙ හැකර්ලා අල්ලගෙන මුදල් ආපසු ඉල්ල ගන්නයි.. – මන්ත්‍රී චන්දන සූරියආරච්චි
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය වංචාව සැලසුම් සහගතව සිදු කළ එකක් නොව, අදාළ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අතර සන්නිවේදන ක්‍රියාවලියේ සිදුවූ දුර්වලතාවක් සහ අක්‍රමිකතාවක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. 2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් (Email) භාවිතා…
හැකර්ලා හැමතැනම ඉන්නවා. අපි හැකර්ලා අල්ලගෙන ගත්ත මුදල් නැවත ගන්නවා..- ඇමති ක්‍රිෂාන්ත අබේසේන
වර්තමානයේ හැකරුන් ඕනෑම තැනක සිටිය හැකි බවත්, රජයක් ලෙස ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන් භාණ්ඩාගාරයෙන් අත්පත් කරගත් මුදල් නැවත ලබාගැනීමට කටයුතු කරන බවත් ඇමති ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කරයි. අදාල සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු රජයක් ලෙස දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම, මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම…
